St Kilda හිදී පුද්ගලයෙකුට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි – AusLanka TV – Australian News for the Sri Lankan community

St Kilda හිදී පුද්ගලයෙකුට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

St Kilda හිදී පුද්ගලයෙකුට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි

මෙල්බර්න් St Kilda Peanut Farm අසල  dog park එකකදී සිය සුරතල් සුනඛයාද සමග සිටි පුද්ගලයෙකුට පහරදුන් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

47 හැවිරිදි අදාළ තැනැත්තා පහරකෑමට ලක්වූයේ පසුගිය 15 වනදායි.

එම ස්ථානයේ සිටි වෙනත් කාන්තාවකගේ සුනඛයෙකු සම්බන්ධ ගැටලුවක් හමුවේ ඔවුන් දෙදෙනා අතර මතභේදයක් ඇතිවී තිබිණ.

එහිදී අදාළ කාන්තාව දුරකථනයෙන් කවරෙකුට හෝ අමතා ඇති අතර එම ස්ථානයට පැමිණි තරුණයන් දෙදෙනෙකු පළමු පුද්ගලයාට දැඩි ලෙස පහරදී තිබේ.

ඔහුගේ අස්ථි බිඳී ඇති බවද පොලිසිය කියයි.

ඔවුන් සුනඛයාටද පහරදී ඇති නමුත් එම සත්වයාට කිසිදු හානියක් සිදුවී නොමැත.

Pic – Vic Police

source : https://www.9news.com.au/national/search-for-two-men-after-man-allegedly-bashed-during-trip-to-st-kilda-dog-park-melbourne/1e2920cc-2023-4a14-ba48-2c7e33e01940