Search

මෙල්බර්න් Picnic සඳහා පැමිණ සිටි සිවිල් වැසියන්ට පහරදීම : උද්ඝෝෂකයන් දෙදෙනෙකුට චෝදනා

මෙල්බර්න් Blackburn North හි Park එකකදී Picnic සඳහා පැමිණ සිටි සිවිල් වැසියන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් දෙදෙනෙකුට චෝදනා ගොණු කර තිබේ.

Box Hill North හි පදිංචි 35 හැවිරිදි කාන්තාවකට සහ 44 හැවිරිදි පිරිමි අයෙකුටයි මෙලෙස චෝදනා ගොණු කර ඇත්තේ.

පසුගිය බ්‍රහස්පතින්දා පැවති Lockdown විරෝධී සහ එන්නත් විරෝධී උද්ඝෝෂණයක් අතරතුරදී සාමාන්‍ය සිවිල් වැසියන් පිරිසකගේ මුහුණු ආවරණ ඇද දමා පහරදීමයි සැකකරුවන්ට එරෙහි චෝදනාව වන්නේ.

43 හා 51 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු හා 12 හැවිරිදි දැරියන් දෙදෙනෙකු මෙලෙස පහරකෑමට ලක්විය.

සැකකරුවන් දෙදෙනා ලබන වසරේ මාර්තු 25 වනදා යළි Ringwood Magistrates Court හමුවේ පෙනී සිටිය යුතුයි.

 

source : https://7news.com.au/news/crime/two-charged-over-victoria-picnic-attack-c-4075088

Auslankatv Today’s Top Stories.2024.10.14

දෙසැම්බර් 1 සිට වික්ටෝරියානුවන් පිරිසකට නොමිලේ ලැබෙන්න යන දේ ඔස්ට්‍රේලියාවට එන්න දින කිහිපයක් තිබියදී ජනරජ යෝජනා ගැන රජුගේ මතය දන්වයි හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි

Read More »

ප්‍රධාන බැංකුවක අන්තර්ජාල සේවා බිඳ වැටීමෙන් ගැටලුවක්

වෙස්ට්පැක් (Westpac) සහ සෙන්ට් ජෝර්ජ් (St George) බැංකුවල මාර්ගගත සේවා ඇනහිටීම් හේතුවෙන් මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන් පීඩාවට පත් වී ඇති බවට වාර්තා වනවා.

Read More »

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 3කට සිර දඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

හදිසි කාලගුණ වෙනසක් නිසා සිඩ්නි ගමනාගමනයට බලපෑම්

සිඩ්නි නගරය සහ අවට ප්‍රදේශවලට බලපෑ හිම කැට සහිත ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීම් මෙන්ම සැහැල්ලු දුම්රිය සේවාවන්ට බාධා මතුවීම් සිදුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

$ මිලියන 5ක ලොතරැයි ත්‍යාගය ඇඩිලේඩ් කාන්තාව නොමිලේ බෙදයි

ඩොලර් මිලියන 4.8ක් වටිනා ලොතරැයි ත්‍යාගයක් ලබා ගත් කාන්තාවක් එම ජයග්‍රාහී මුදල් සුඛෝපභෝගී නෞකා සංචාරයකට සහ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බව පවසනවා.

Read More »