Bank Australia අන්තර්ජාල පද්ධතියේ හටගත් දෝශයක් හේතුවෙන් ගණුදෙනු කටයුතු සිදුකිරිමට සහ සිය ගිණුම්වලට පිවිසීමට අපහසුතා මතුවී ඇතැයි පාරිභෝගිකයන් පැමිණිලි කර තිබේ.
160,000 කට අධික පිරිසකට මෙම තත්වය බලපා ඇත.
මෙහෙයුම් පද්ධතියේ දෝශයක් මීට හේතුවී ඇති බවයි Bank Australia නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
දෝෂය කඩිනමින් යථා තත්වයට පත් කරන බවද එහි සඳහන්.
කිසිදු පාරිභෝගිකයෙකුගේ ගිණුම්වල තිබූ මුදල් කිසිදු අයුරකින් අස්ථානගතවී නැතැයිද Bank Australia අවධාරණය කරයි.