
යුරෝපා සංගමය ගත් නව තීරණයක් නිසා ඇපල් සමාගමට බරපතල බලපෑමක් එල්ල වී ඇත.
එනම් යුරෝපා සංගමය තුළ එකම වර්ගයේ ජංගම දුරකතන චාජරයක් භාවිතා කිරීමයි.
ඒ අනුව ඉදිරියේදී USB Port C වර්ගයේ චාජර පමණක් යුරෝපයේ භාවිතා කිරීමට ඉඩ දෙනු ඇත.

ඇපල් සමාගම සිය ජංගම දුරකතනවල චාජර් ලෙස භාවිත කරන්නේ Lightning Connecters ය.
නව යෝජනාව මගින් දුරකථන චාජර් භාවිතය අවම කිරීමත් එමගින් ඉවතලන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමත් යුරෝපා සංගමය බලාපොරොත්තු වේ.

වසර 10ක සිට මේ සම්බන්ධයෙන් යුරෝපා සංගමය තුළ සාකච්ඡා වී ඇති අතර මෙමමගින් පරිසර සංරක්ෂණය සිදු වන අතරම ඩොලර් මිලියන 292ක් සංගමය තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබෙන බවද ගණන් බලා ඇත.
මෙම තීරණය සිය සමාගමට විශාල බලපෑමක් එල්ල කරන බවත් එය නව නිර්මාණ බිහිවීමට බාධාවක් බවත් පවසන ඇපල් සමාගම මේ තීරණය අවසානයෙදී පාරිභෝගිකයාට අයහපත් ලෙස බලපානු ඇතැයිද පවසයි.
කෙසේ වෙතත් මෙම යෝජනාව ක්‍රියාත්මක වීමට යුරෝපා සංගමයේ සාමාජිකයන් එකග විය යුතුය.
එසේ වුවහොත් ඇපල් සමාගමට සිය නිෂ්පාදන කටයුතු නව නීතියට අනුකූලව සිදු කර ගැනීමට සහන කාලයක් ලැබෙනු ඇත.