වික්ටෝරියා ඔසු සැල් 700 කට Moderna මාත්‍රා 300,000 ක්

වික්ටෝරියා ප්‍රාන්තය පුරා පිහිටි ඔසු සැල් 700 කට අධික සංඛ්‍යාවකට Moderna එන්නතේ මාත්‍රා 300,000 කට වඩා ලැබෙනු ඇති බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පවසයි.

එන්නතෙහි අතිරේක මාත්‍රා 32,000 ක් තාවකාලික කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන සඳහා වෙන් කෙරේ.

වයස අවුරුදු 12-59 අතර ඕනෑම අයෙකුට ඒවා ලබා ගත හැකිය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 733 ක් හමුව ඇත.

එක් මරණයක් ද වාර්තා විය​.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7,160 කි.

ඊයේ දිනයේදී (23) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 56,520 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 41,029 ක් ලබා දී තිබේ.

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »