මෙල්බර්න් උද්ඝෝෂණ සඳහා සූදානම් වූ කිහිප දෙනෙකු අදත් අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ කොවිඩ් එන්නත් විරෝධී උද්ඝෝෂණ සඳහා සූදානම් වූ කිහිප දෙනෙකු අද පෙරවරුවේ වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

CBD හිදී සැළකිය යුතු පිරිසකට මාංචු දමා ඇති ආකාරයක් දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කලේය.

Elizabeth – Bourke Streets අසලදී පෙරවරු 10 ට ඒකරාශී වන්නැයි විරෝධතාකරුවන්ට දැනුම් දීමක් ලැබී තිබුණි.

කෙසේවෙතත් පස්වරු 03 ට විරෝධතාව ආරම්භ කරන බවට සංශෝධනය කර ඇත.

පසුගිය සඳුදා – අගහරුවාදා – බදාදා යන දින 03 දීම උද්ඝෝෂණ පැවති නමුත් විශාල පොලිස් නිළධාරීන් පිරිසක් යොදවා සිටීම නිසා ඊයේ විරෝධතාව අවලංතු කෙරිණ.

ඉදි කිරීම් සේවකයන්ගේ ඉල්ලීම වන්නේ කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය නොකරන ලෙසයි.

pic Credit: JAMES ROSS/AAPIMAGE

source : https://7news.com.au/news/vic/planned-protests-in-melbourne-see-early-and-heavy-response-by-victoria-police-c-4055961

ඇමරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වෙනසක්

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ ද එම ප්‍රවණතාවය යම්තාක් දුරකට වෙනස් වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »