එන්නත්කරණ ඉලක්කය සියයට 80 සම්පූර්ණ වූ පසු ලිහිල් කරන රෙගුලාසි කවරේද යන්න සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය ඉරිදා වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් හඳුන්වාදුන් මාර්ග සැලසුමට සමාන ක්‍රමවේදයක් මෙහිදී හඳුන්වාදෙනු ඇතැයි අපේක්ෂිතයි.
බොහෝ දුරට ඔක්තෝබර් 11 වනදා වනවිට සිඩ්නි එන්නත්කරණය සියයට 80 අභිබවා යනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
දිනපතා කොවිඩ් පරීක්ෂණ – සමාජ දුරස්ථභාවය – මුව ආවරණ පැළඳීම වැනි කරුණු තවත් සැළකිය යුතු කාලක් පවතිනු ඇතැයිද සඳහන්.
එමෙන්ම එක් එක් ප්‍රාන්තයට ප්‍රාන්ත සීමා විවෘත කරන දිනයද අද රැස්වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ රැස්වීමේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව වාර්තා වේ.