කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් ප්‍රතිදේහවලින් පාලනය කිරීමට අපහසු නව කොවිඩ් ප්‍රභේදයක් පිළිබඳව අමෙරිකාවේ අවධානය යොමුවී තිබේ.

R පොයින්ට් වන් (R.1) නම් එම නව ප්‍රභේදය පළමුවරට හඳුනාගෙන තිබුණේ ජපානයෙනි.

එම ප්‍රභේදයම ආසාදිත වූ පුද්ගලයින් 45 දෙනෙකු අමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයේ සාත්තු සේවා මධ්‍යස්ථානයකින් හඳුනාගැනීමත් සමග අමෙරිකාවේ අවධානය ඒ වෙත යොමුවී තිබුණි.

අදාළ නව ප්‍රභේදය සතුව ව්‍යාප්තවීමේ, ගුණනයවීමේ සහ ප්‍රතිශක්තීකරණය අභිබවායාමේ කැපීපෙනෙන විකෘතීන් වර්ධනයවී ඇති බව විද්‍යාඥයින් පෙන්වා දෙයි.

මේ හේතුවෙන් R පොයින්ට් වන් ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.

 

Source : https://www.prevention.com/health/a37704915/what-is-r1-covid-variant/

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් වෙන ලකුණු

ඔස්ට්‍රේලියාවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේ වයස් සීමාව වෙනස් කරන ලෙසට ෆෙඩරල් රජයට ඉදිරිපත් වූ යෝජනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැක්කේ කෙසේද යන්න සොයා බැලීම් ආරම්භ කර තිබෙනවා.

Read More »

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »