වික්ටෝරියා ගුරුවරුන් සහ childcare සේවකයින්ට එන්නත ගන්න අවසාන දිනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන් සහ childcare සේවකයින් ඔක්තෝබර් 18 ට පෙර අවම වශයෙන් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබාගත යුතුය.

නොවැම්බර් 29 වන විට ඔවුන් මාත්‍රා දෙකම ලබාගත යුතු අතර එසේ නැතිනම් එන්නත ලබා නොගැනීමට ඔවුන්ට වෛද්‍ය අවසරයක් තිබිය යුතුය.

දැනට සිඩ්නි නගරයේ සිටින වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණීමට නොහැකිව සිටින පුද්ගලයන්ට යළි සිය නිවාස වෙත පැමිණීම සඳහා අවසර ලැබී තිබේ.

එන්නත් මාත්‍රා 02 ම ගෙන සිටින එමෙන්ම වික්ටෝරියාවේ රතු කලාප ලෙස නම් කර නොමැති ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ට මෙලෙස පැමිණීමට අවසර හිමිවනු ඇත.

ලබන 30 වනදා සිට නව වැඩපිළිවෙල බලාත්මක වන බවයි වික්ටෝරියා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී Brett Sutton කියාසිටියේ.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »