දේශ සීමා විවෘත කරන දිනය ගැන සංචාරක ඇමතිගෙන් හෙළිදරව්වක්

නත්තල් සමය වනවිට ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා අනිවාර්යයෙන් විවෘත කරන බව සංචාරක ඇමති Dan Tehan පවසයි.

ඒ අනුව ඔස්ටේ්‍රලියානුවන්ට විදෙස් රටවලට යාමටත් විදේශයන් හි සිට පැමිණීමේදී නිරෝධායනයකින් තොරව රටට ඇතුලුවීමටත් අවසර හිමිවනු ඇතැයිද ඔහු පැවසීය.

කෙසේවෙතත් මේ සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටිය යුතු අතර Vaccine Passport ලබාගෙන තිබිය යුතුය.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ අනුමත කර ඇති AstraZeneca (or Vaxzevria), Pfizer, Moderna , Johnson and Johnson එන්නත් මාත්‍රා 02 ම ලබාගෙන ඇති අයට මෙම අවසරය හිමිවනවා.

කෙසේවෙතත් බහුතර රටවල දේශසීමා වසා දමා ඇති අවස්ථාවක විදෙස් සංචාරවල නිරතවීම කෙතරම් ප්‍රායෝගික වනු ඇති බවටද ඇතැමුන් සැක පළකර තිබේ.

මේ වනවිට ඔස්ටේ්‍රලියානුවන් 45,000 ක් පමණ රටට පැමිණිමට නොහැකිව රටවල් ගණනාවක රැඳී සිටිනවා.

Source : https://www.abc.net.au/news/2021-09-22/international-covid-border-closure-christmas-home-quarantine/100483178

https://7news.com.au/travel/australia-eyes-christmas-overseas-travel-c-4036689

Pic – (Reuters: Brian Snyder)

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »