මෙල්බර්න් අහසේ අද සිට මාධ්‍ය හෙලිකොප්ටර්වලට නව රෙගුලාසි – සජීවී විකාශත් අත්හිටුවයි

මෙල්බර්න් CBD කලාපයට ඉහළින් හෙලිකොප්ටර් යානා මගින් ගුවන් දර්ශන ලබාගැනීමේදී මාධ්‍ය ආයතන වෙත බලපැවැත්වෙන පරිදි නව නියමයන් කිහිපයක් පණවා තිබේ.

ඒ අනුව හෙලිකොප්ටර් යානා පියාසර කරවීමට පොලිසියෙන් පූර්ව අනුමැතිය ලබාගත යුතුයි.

එමෙන්ම ලබා ගන්නා දර්ශන විකාශය කල හැකි වනුයේ පැයක ප්‍රමාදයකින් පසුවයි.

සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කලේ උත්සන්න වන විරෝධතා පාලනය කිරීමේ අරමුණින් පොලිසියට පමණක් හෙලිකොප්ටර් යානා භාවිත කිරීමට අවසර දුන් බවයි.

නව රෙගුලාසි අනුව නාවික සැතපුම් 03 ක අරය යටතේ හෙලිකොප්ටර් යානා පියාසර කරවීමට හෝ අඩි 2500 කට පහතින් පියාසර කරවීම තහණම් වනවා.

මෙහි අරමුණ වන්නේ විරෝධතාකරුවන්ට සජීවී දර්ශන උපයෝගී කරගනිමින් පොලිස් මෙහෙයුම්වලින් ගැලවී යාමට ඇති ඉඩ අහුරාලීමයි.

කෙසේවෙතත් මෙම නියෝග සම්බන්ධයෙන් ජනමාධ්‍ය සංවිධාන දැඩි විරෝධය පළකරනවා.

 

Source : https://www.9news.com.au/national/melbourne-protests-victoria-police-granted-no-fly-zone-over-melbournes-cbd/656f4379-cbb0-45e8-9e38-948951586f22

Pic – 9News

ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක්

සාගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ලබා දීමට අවස්ථාව සලසන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයට නියෝග කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »