මෙල්බර්න් භූ චලනයේ පසු කම්පන තවත් මාස ගණනක් ?? ආරක්ෂා වෙන්න ගත යුතු පියවර මෙන්න

අද පෙරවරුවේ හටගත් රික්ටර් මාපක ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවේ පසුකම්පන තවත් මාස ගණනක් පුරා පැවතිය හැකි බවට වික්ටෝරියා බළධාරීන් අනතුරු අගවා සිටී.

එබැවින් ඒවාට මුහුණදීමට සුදානම් වන ලෙසටයි ඔවුන් මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට දන්වා සිටින්නේ.

පසු කම්පනයකින් ආරක්ෂාවීමට ඔබ ගත යුතු පියවර කවරේද ?

හානි වූ ගොඩනැගිලිවලින් ඈත්ව සිටින්න

නිවාසය තුළ සිටීනම් මේසයක් හෝ එවැනි ආරක්ෂිත දෙයක් යටට ගොස් ආවරණය වී සිටින්න

වීදුරු – ජනෙල් – දොර වැනි දෑ අසලින් ඈත්ව සිටින්න.

ඔබ ඇඳක් මත සිටීනම් කොට්ටයෙන් ඔලුව වසා ගන්න – එහෙත් හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමු වන්න

කම්පනය අතරතුර ගොඩනැගිලි අතර මාරු නොවන්න. කම්පනයක් අතරතුර හැකිතාක් සිටින ස්ථානයේම ආරක්ෂිතව සිටින්න.

කිසිදු අවස්ථාවක විදුලි සෝපාන භාවිත නොකරන්න.

අත්‍යවශ්‍ය නොවේ නම් කිසිදු ආකාරයකින් රිය ධාවනයෙන් වළකින්න.

 

Source : https://www.ses.vic.gov.au/plan-and-stay-safe/emergencies/earthquake

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »