Search

ඔස්ටේ්‍රලියාවේ සිටින ලාංකිකයන් ගැන ඔස්ටේ්‍රලියා විදේශ ඇමතිනියගෙන් සහතිකයක්

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් , ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය මාරිස් පේන් නිව්යෝර්ක් හිදී හමු වූ අතර, පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව සාකච්ඡා කළේය.

විදේශ අමාත්‍ය පේන් , ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ගේ උණුසුම් සුභ පැතුම් පිරිනැමූ අතර, දෙරට අතර තානාපති සබඳතා පිහිටුවා වසර 75 ක් පිරීම නිමිත්තෙන් එළඹෙන සැමරුම් සඳහා සූදානම් වීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පෞද්ගලිකව උනන්දුවක් දක්වන බව සඳහන් කළාය.

වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ඕස්ට්‍රේලියාව සතු අත්දැකීම ගැන සඳහන් කළ අමාත්‍ය පීරිස් මැතිතුමා, මෙම ක්ෂේත්‍රයේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැඩි උනන්දුවක් දක්වන බව පැවසීය.

මිනිස් ජාවාරම සම්බන්ධයෙන්, මෙය මානුෂීය ඛේදවාචකයක් බවත් මෙම නීති විරෝධී ක්‍රියාව මැඩලීම සඳහා ශ්‍රී ලංකා රජය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේ ඉතා උණුසුම් හා සුවිශේෂී ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් සිටින බව අමාත්‍ය පේන් ප්‍රකාශ කළාය.

විශේෂයෙන් බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමේ හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම ඇය සාදරයෙන් පිළිගත්තාය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර උණුසුම් හා සුහද සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා සමීපව කටයුතු කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනාම එකඟ වූහ.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »