අඛණ්ඩව දෙවන වසරටත් මෙවරත් සිඩ්නි ගිණිකෙලි සංදර්ශන නෑ

අඛණ්ඩව දෙවන වසරටත් නව වසර උදාවේ දී සිඩ්නි වරාය පාලම අසල පවත්වන ගිණිකෙලි සහ මල් වෙඩි සංදර්ශනය අත්හිටුවා තිබේ.

ඒ පවතින කොවිඩ් අවධානම සැළකිල්ලට ගෙනයි.

කෙසේවෙතත් ඉතා සරළ උත්සවයක් පමණක් පැවැත්වීමටත් ඉතා සුලු පිරිසක් පමණක් ඊට සහභාගී කරවා ගැනීමටත් බළධාරීන් සැළසුම් කරමින් සිටී.

සිඩ්නි නගරය තුළ ඩෙල්ටා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයමින් පවතින අවස්ථාවක විශාල පිරිසක් ඒකරාශී කරවා ගැනීම නුසුදුසු බවට සෞඛ්‍ය උපදෙස් ලැබී තිබීම මෙම තීරණයට ප්‍රධාන හේතුවයි.

කෙසේවෙතත් ලබන මාසය අවසානය වනවිට සියයට 70 ක එන්නත්කරණ ඉලක්කය සපුරා ගැනීමට හැකිවීමත් සමග දැනට පවතින ඇතැම් සීමා ලිහිල් වනු ඇති බවද පැවසේ.

 

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/sydneys-nye-family-fireworks-cancelled-c-4029155

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »