මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රදේශවල සියලුම ඉදිකිරීම් කටයුතු සති 02 ක් අත්හිටුවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රදේශවල සියලුම ඉදිකිරීම් කටයුතු සති 02 ක් අත්හිටුවයි

මෙල්බර්න් ඇතුලු වික්ටෝරියා ප්‍රදේශවල සියලුම ඉදිකිරීම් කටයුතු සති 02 ක් අත්හිටුවයි

CFMEU මූලස්ථානය ඉදිරිපිට අද දහවල් පැවති නොසන්සුන් තත්වයත් සමග මෙල්බර්න් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සති 02 ක කාලයක් සඳහා සියලුම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ කටයුතු අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් අද එම තීරණය ගෙන ඇතැයි ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

Metropolitan Melbourne, Geelong, Surf Coast, Ballarat & the Mitchell Shire ප්‍රදේශවල ඉදිරි සති 02 සඳහා ඉදිකිරීම් කර්මාන්තයට සම්බන්ධ කිසිදු කටයුත්තක් මේ අනුව සිදු නොවනු ඇත.

ඉදි කිරීම් සේවකයන්ට ලබන 23 වනදායින් පසු කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමේ තීරණයට එරෙහිව ඉදි කිරීම් සේවකයන් අද දහවල් CFMEU මූලස්ථානය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සිදුකල අතර ගොඩනැගිල්ලට දැඩි හානි සිදුවී ඇතැයි සඳහන්.

සම්බන්ධිත පුවත් 

කළහකාරීව හැසිරුණු ඉදිකිරීම් සේවකයන්ට රබර් උණ්ඩ සහ ගම්මිරිස් දියර ප්‍රහාරයක්

මෙල්බර්න් ඉදිකිරීම් සේවක පිරිසක් CFMEU මූලස්ථානයට කඩා වදී

Source : https://7news.com.au/lifestyle/health-wellbeing/snap-two-week-shutdown-of-construction-industry-confirmed-after-violent-melbourne-protest-c-4019014