මෙල්බර්න් පොලිස් ස්ථාන 04 ක නිළධාරින්ට කොවිඩ් – පිළිගැනීමේ කවුලු වැසේ

මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ පොලිස් ස්ථාන 04 ක පොලිස් නිළධාරින් 06 දෙනෙකු කොවිඩ් ආසාධිතයන් බවට තහවුරු වී තිබේ.

ඒ අනුව Caroline Springs, Melton, Keilor Downs & Sunshine යන පොලිස් ස්ථානවල පිළිගැනීමේ කවුලු තාවකාලිකව වසා දැමූ බව වික්ටෝරියා පොලිසිය නිවේදනය කර සිටී.

සැප්තැම්බර් 17 – 19 කාලසීමාවේදී අදාල පොලිස් නිළධාරීන්ට වෛරසය වැළඳී තිබේ.

කෙසේවෙතත් ආසන්නයේ පිහිටා ඇති Bacchus Marsh, Gisborne, Sunbury & Footscrayපොලිස් ස්ථාන විවෘතව පවතින බවත් මහජනතාවට අවශ්‍ය සේවා ඒවා මගින් ඉටු කර ගත හැකි බවත් පොලිසිය දන්වා සිටිනවා.

හැකිතාක් ඔන්ලයින් ක්‍රමයට හෝ 131 444 අංකය මගින් පැමිණිලි යොමු කරන ලෙසයි පොලිසිය මහජනතාවට දන්වා සිටින්නේ.

 

Source : https://www.9news.com.au/national/victoria-police-officers-test-positive-to-covid19-closing-police-station-counters/cdb793fe-e487-4726-a752-0d365b8be665

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »