ඔක්තෝබර් වනවිට වික්ටෝරියා දෛනික ආසාධිතයන් 1400 – 2900 වනු ඇතැයි අනාවැකියක්

ඔක්තෝබර් මාසය අග භාගය වනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 1400 ත් 2900 ත් අතර විය හැකි බවට නවතම සමීක්ෂණයක් පුරෝකථනය කර තිබෙනවා.

Burnet Institute විසින් සිදුකර ඇති මෙම අධ්‍යයනයට අනුව වික්ටෝරියාවේ කොවිඩ් තත්වයේ උච්චතම අගය ගනු ඇත්තේ ඔක්තෝබර් 19 වනදාත් 31 වනදාත් අතරතුරයි.

එහිදී රෝහල්ගත කිරීම් 1200-2500 දක්වාද / දැඩි සත්කාර ඒකකවල සිටින සංඛ්‍යාව 260-550 දක්වාද ඉහළ වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාවරය වී ඇත්තේ දැනට පවති්න Lockdown තත්වය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.

ඩෙල්ටා වෛරස ප්‍රභේදයේ බලපෑමෙන් මෙල්බර්න් නගරය තවමත් අවධානමෙන් මිදී නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් ඊයේ ප්‍රකාශයට පත් කල මාර්ග සැළැස්ම අනුව සංචරණ සීමා ලිහිල් කලහොත් මෙල්බර්න් හි කොවිඩ් ආසාධිතයන් නැවත වරක් නොවැම්බර් – දෙසැම්බර් වනවිට ඉහළ යනු ඇතැයිද මෙම අධ්‍යයනයේදී හෙළි කර තිබේ.

Source : https://www.9news.com.au/national/burnet-institute-modelling-predicts-victoria-covid19-cases-could-soar-into-thousands/180cc4d7-c67a-4688-9566-01c991f3a10c

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපලවල දැඩි කාර්ය බහුල තත්ත්වයක්

ඔස්ට්‍රේලියානුවන් දහස් ගණනක් මෙම දීර්ඝ පාස්කු සති අන්ත නිවාඩුවත් සමග ගුවන් ගමන් සඳහා එක්වීමට අපේක්ෂා කරන බව හෙළිව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සැත්කමකට සූදානමින් ඉන්න අයට පණිවුඩයක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කාර්ය සාධක බලකායක ක්‍රියාමාර්ගවලින් පසු ශල්‍යකර්ම සඳහා වූ පොරොත්තු කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් ව්‍යාපාරිකයාගේ ලැම්බෝගිනි ඇතුලු මෝටර් රථ 17ක් පොලිසියට

මෙල්බන් නගරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකුට අයත් ඩොලර් මිලියන 4ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »

පාස්කු නිවාඩුවට එළියට යන අයට Google Maps ගැන දැනුම්දීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මෙන්ම ඉන් පිටත සංචාරය කරන විට Google මැප් මත පමණක් විශ්වාසය තබා කටයුතු නොකරන ලෙසට බලධාරීන් සංචාරකයින්ට දැනුම් දෙනවා.

Read More »

දිනකට ආහාර වේල් බිලියනයක් කුණු බක්කියට

ලොව පුරා පුද්ගලයින් මිලියන 800ක් කුසගින්නේ පසුවද්දී දිනකට ආහාර වේල් බිලියනයකට වැඩි ප්‍රමාණයක් මිනිසුන් අපතේ හරින බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »