අගමැති Scott Morrison සහ විපක්ෂ නායක Anthony Albanese යන දෙදෙනාගේම ජනප්‍රියත්වය කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
පුවත්පත සිදුකර ඇති සමීක්ෂණයකට අනුව අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය සියයට 46 දක්වාද විපක්ෂ නායක Anthony Albanese ගේ ජනප්‍රියත්වය සියයට 37 දක්වාද අඩු වී ඇත.
එය අගෝස්තු ආරම්භයට වඩා සියයට 03 ක පහළයාමකි.
2020 වසරේ ආරම්භයේ පැවති ලැව්ගිනි තත්වයෙන් පසු අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය මෙතරම් පහළ අගයකට පත්වූ පළමු අවස්ථාවද මෙයයි.
එමෙන්ම ප්‍රධාන පක්ෂ දෙකේම ජනප්‍රියත්වයද යහපත් ස්ථානයක නොපවතින බවයි මෙම ජනමත විමසුමේදී අනාවරණ වි ඇත්තේ.
Source : https://7news.com.au/politics/pm-albanese-lose-ground-in-newspoll-c-4011147
Pic Credit: AAP