Search

මෙල්බර්න් පාසල් – වෙළඳසැල් – ක්‍රීඩා භූමි විවෘත වන දින / වෙනස් වූ නීති සියල්ල මෙතැනින්

වික්ටෝරියා ප්‍රාන්තය ලොක්ඩවුන් තත්වයෙන් මුදා හැරීමේ වැඩපිළිවෙල අද ප්‍රකාශයට පත් කෙරුණා.

මෙල්බර්න් නාගරික කලාපය සහ ප්‍රාදේශීය කලාපය ලෙස වෙන වෙනම මෙම රෙගුලාසි ක්‍රියාත්මකයි.

ඒ අනුව මෙල්බර්න් නාගරික කලාපය තුළ එන්නත්කරණ ඉලක්කය සියයට 80 සපිරුණු වහා එනම් බොහෝ දුරට සැප්තැම්බර් 26 න් පසුව මිතුරන් හමුවීම / ක්‍රිකට් – ගොල්ෆ් වැනි බාහිර ක්‍රීඩා සඳහා අවසර හිමිවීම සහ මූලික වශයෙන් පාසල් විවෘත කිරීම සිදුවනවා.

දෙවන අධියරේදී ඇඳිරි නීතිය ඉවත් කිරීමත් – 03 වන අධියරේදී මුව ආවරණ පැළඳීමේ සීමා ලිහිල් කිරීමත් අපේක්ෂා කෙරෙනවා.

04 වන අධියර යටතේ නත්තල් සමය වනවිට බොහෝ දුරට නිවසකට අමුත්තන් 30 දෙනෙකු සඳහා පැමිනිමට අවසර ලබාදීමට අපේක්ෂා කෙරෙනවා.

මෙල්බර්න් නාගරික කලාපය

පළමු අධියර – Phase A

ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 80 සපිරුණු වහා එනම් බොහෝ දුරට සැප්තැම්බර් 26 න් පසුව :

මිතුරන් හමුවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පිටතට යා හැකිය.

ක්‍රිකට් – ගොල්ෆ් වැනි බාහිර ක්‍රීඩා සඳහා අවසර හිමිවේ.

පුද්ගලයන් 05 ක උපරිමයකට ශරීර සුවතා සඳහා එකවර සහභාගී විය හැකිය.

පාසල් විවෘත කිරීම මෙහිදී සිදුවේ. බොහා් දුරට ඔක්තෝබර් 05 වනදා සිට අධියරෙන් අධියර මෙල්බර්න් පාසල් විවෘත කිරීම ආරම්භ කෙරේ.

එහිදී සතියකට දින 02 ක් හෝ 03 ක් පමණක් සිසුන්ට පාසල්වලට පැමිණීමට අවසර දෙනු ඇත.

දෙවන අධියර -Phase B

ඔක්තෝබර් 26 වනදා වනවිට – ප්‍රාන්තයේ මුලු ජනගහණයෙන් සියයට 70 කට මාත්‍රා 02 ම දීමේ ඉලක්කය ජයගත් පසු :

නිවාසවලින් පිටතට යාමේ අත්‍යවශ්‍ය කරුණු ඉවත් කෙරේ – ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Pubs – Clubs විවෘත කෙරේ

නිවසින් පිටත උපරිම 10 දෙනෙකුට රැස්විය හැකිය.

මාත්‍රා 02 ම ගත් උපරිම 50 දෙනෙකුට විවාහ සඳහා පැමිණිය හැකිය.

පාසල් සඳහා සියලුම සිසුන් කැඳවීමට අපේක්ෂිතයි.

03 වන අධියර – Phase C

නොවැම්බර් 05 වනදා වනවිට – ප්‍රාන්තයේ මුලු ජනගහණයෙන් සියයට 80 කට මාත්‍රා 02 ම දී අවසන් කිරීම ජයගත් පසු :

අවන්හල් වැනි ස්ථාන ඇතුළත උපරිම 150 කට අසුන් ගෙන ආහාර පාන ගැනීමට අවසර දෙයි.

මුව ආවරණ පැළඳිය යුත්තේ ගෘහස්ථ කටයුතුවලදී පමණි.

සියලුම Retail වෙළඳසැල් විවෘත කිරීම මෙම අධියරේදී සිදුකෙරේ.

පාසල්වල කටයුතු කිසිදු සීමාවකින් තොරව සිදුකිරීමට අපේක්ෂා කෙරේ – Childcare ද විවෘතය.

විවාහ – අවමගුල් හා ආගමික කටයුතු සඳහා මාත්‍රා 02 ම ගත් 150 කට අභ්‍යන්තරයේත් උපරිම 500 කට බාහිරවත් සහභාගී විමට අවසර දේ.

04 වන අධියර – Phase D

නොවැම්බර් 19 වනදා වනවිට – ප්‍රාන්තයේ ජනගහණයෙන් සියයට 80 කට මාත්‍රා 02 මද අවුරුදු 12 ට වැඩි සියල්ලන්ට එන්නත ලබාදී අවසන් කල පසුව

නත්තල් සමය වනවිට බොහෝ දුරට නිවසකට අමුත්තන් 30 දෙනෙකු සඳහා පැමිණීමට අවසර ලබාදීමට අපේක්ෂා කෙරේ.

සමස්ත වැඩපිළිවෙල

https://twitter.com/DanielAndrewsMP/status/1439418426850570244?s=20

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »