වික්ටෝරියා පොලිසිය වසර 20 කට පසු දැවැන්තම මෙහෙයුම මෙල්බර්න් CBD හි අරඹයි

melbourne police

Lockdown විරෝධී උද්ඝෝෂණයක සූදානමක් හමුවේ මෙල්බර්න් CBD කලාපය තුළ පොලිස් නිළධාරීන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

නගරයට ඇතුලුවන සෑම වාහනයක්ම පිවිසුම් ස්ථානවලදී පරීක්ෂා කෙරෙන අතර වසර 20 කට පමණ පසු වික්ටෝරියා පොලිසිය සිදුකරන දැවැන්තම මෙහෙයුම මෙය බවයි වාර්තා වන්නේ.

දහස් සංඛ්‍යාත පිරිසක් අද උද්ඝෝෂණයකට සූදානම් වන බවට වාර්තාවීම හමුවේ අද දිනයේ පැය 06 ක කාලයක් මෙල්බර්න් නාගරික කලාපයේ පොදු ප්‍රවාහනයද අත්හිටුවීමටයි පොලිසිය පියවර ගත්තේ.

අවසරලත් රාජකාරි සේවකයන් හා කොවිඩ් එන්නත ගැනීමට යන අය සඳහා පමණක් අදාළ ලේඛණ පෙන්වා ගමන් කල හැකි වනවා.

අගෝස්තු 21 වනදා පැවති Lockdown විරෝධි උද්ඝෝෂණයකට 4000 කට අධික පිරිසක් සහභාගී වූ අතර ගැටුම්කාරී තත්වයන් හමුවේ පොලිස් නිළධාරීන් 12 ක් තුවාල ලැබීය.

අද දිනයේදී පොලිස් නිළධාරීන් 2000 ක් පමණ මෙල්බර්න් CBD වෙත අනුයුක්ත කර ඇති බවයි වික්ටෝරියා පොලිසිය කියාසිටියේ.

PIC Credit: JAMES ROSS/AAPIMAGE

ඔස්ට්‍රේලියානුවන්ට පීඩා ගෙන දුන් රෝගයක් කලින්ම හඳූනා ගන්න පර්යේෂණයක් සාර්ථකයි

සාමාන්‍ය රුධිර පරීක්‍ෂණයක් මගින් පාකින්සන් රෝගය වසර හතකට පෙර හඳුනා ගත හැකි බවට නව පරීක්ෂණයක් මගින් තහවුරු කරගෙන තිබෙනවා.

Read More »

සැක කටයුතු මෝටර් රථයක් සහ ගිනි අවියක් නිසා මෙල්බන් CBD අවට ආරක්ෂාව තර කෙරේ

මෙල්බර්න් හි CBD හි Collins St හි නතර කර තිබූ මෝටර් රථයකින් ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියක් හමුවේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

Read More »

Second Hand භාණ්ඩ නිසා NSW ප්‍රාන්තයේ වෙනසක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පදිංචිකරුවන් පාවිච්චි කරන ලද භාණ්ඩ වැඩි වශයෙන් මිලදී ගැනීම හේතුවෙන් සැලකිය යුතු අපද්‍රව්‍ය සහ හරිතාගාර වායු ප්‍රමාණයක් අඩු කිරීමට උපකාරී වී ඇතැයි නව සමීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

Read More »