03 වන කොවිඩ් එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා ඔස්ටේ්‍රලියානුවන්ට පැමිණෙන ව්‍යාජ කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදු කෙරේ.
රජයෙන් සිදු කෙරෙන දැනුම්දීමක් ලෙස අගවමිනුයි මෙම කෙටි පණිවිඩය ලැබී ඇත්තේ.
දැනට 03 වන මාත්‍රාවක් ලබාදීමට කිසිදු සැළසුමක් නොමැති බවත් එවැනි තීරණයක් හෝ ගෙන නොමැති බවත් රජය අවධාරණය කරනවා.
එබැවින් අදාළ පණවිඩයේ ඇති ලින්ක් එක click කිරීමෙන් වළකින ලෙසටයි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙන්නේ.
මෙය බැංකු ගිණුම් විස්තර ඇතුලු තොරතුරු ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක් බවද විමර්ශන අංශ දන්වා සිටිනවා.
URGENT WARNING: We’ve received reports of #scam text messages impersonating the government, saying you’ve received an appointment for your 3rd vaccine. There are no 3rd vaccines – this is a scam designed to steal your financial info. Delete the message and don’t click the link. pic.twitter.com/U1moL8yGSq
— ACCC Scamwatch (@Scamwatch_gov) September 17, 2021