Search

නවසීලන්ත වෛද්‍යවරියක් තම දැරියන් 03 දෙනා ඝාතනය කරයි

සිය දැරියන් 03 දෙනා ඝාතනය සම්බන්ධයෙන් නවසීලන්තයේ 40 හැවිරිදි කාන්තාවකට චෝදනා ගොණු කර තිබේ.

අවුරුදු 02 ක් වයසැති Maya, Karla සහ 06 හැවිරිදි Liane මෙලෙස මියගොස් තිබිණ.

සැකකාරිය පමණක් මෙම අපරාධය සිදුකර ඇති බවයි නවසීලන්ත පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත්තේ.

කුමන ආකාරයකින් මෙම ඝාතන සිදුකර ඇති දැයි නවසීලන්ත පොලිසිය විසින් මේ දක්වා අනාවරණය කර නැහැ.

එරට දකුණු දිවයිනේ පිහිටි නගරයක් වන Timaru හි නිවසක මෙම අපරාධය සිදුවී ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 10 ට පමණයි.

සැකකාර කාන්තාව මෙන්ම දරුවන්ගේ පියාද වෛද්‍යවරුන් බවටයි වාර්තා වන්නේ.

මෙම පවුලම පසුගිය සතියේදී දකුණු අප්‍රිකාවේ සංචාරයකට ගොස් පැමිණ ඇතැයි නවසීලන්ත පොලිසිය විසින් තහවුරු කරගෙන ඇත.

 

Pic – FaceBook

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »