ඔස්ටේ්රලියාව ඇතුලු රටවල් රැසක ව්‍යාජ ඩිජිටල් එන්නත්කරණ සහතික මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට අනතුරු ඇගවෙනවා.
රටවල් රැසක් මේ වනවිට සංචාරය හෝ රැකියා සඳහා මෙන්ම ප්‍රසිද්ධ ස්ථාන වෙත ඇතුලුවීම සඳහාත් එන්නත්කරණ සහතිකය අනිවාර්ය කර තිබීම ඊට හේතුවයි.
දැනට කලු කඩ ක්‍රමයට ව්‍යාජ එන්නත්කරණ සහතික අලෙවි කරන ප්‍රධානතම සමාජ මාධ්‍ය ජාලයක් වන්නේ Telegram බවට හඳුනාගෙන තිබේ.
තොරතුරු තාක්ෂණ ප්‍රවීණයන්ට අනුව ඩොලර් 110 ක මුදලකට මෙවැනි ඩිජිටල් එන්නත්කරණ සහතිකයක් ලබාගත හැකියි.
අගෝස්තු මාසයේදී සතියකට මෙවැනි සහතික 1000 ක් පමණ නිකුත් කර ඇතත් මේ වනවිට සතියකට සහතික 10,000 ක් පමණ මෙලෙස ව්‍යාජ අන්දමින් නිකුත් කෙරෙන බවටයි වාර්තා වන්නේ.