Search

Tea rooms තහණමට එරෙහිව මෙල්බර්න් ඉදිකිරීම් සේවකයන් පුටු – මේස ගෙන ට්‍රෑම් අවහිර කර විරෝධතාවයක

Tea rooms තහණම් කිරීමට ගෙන ඇති තීරණයකට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ ඉදිකිරීම් සේවකයන් විශාල පිරිසක් මේ වනවිට විරෝධතාවයක නිරත වේ.

Lonsdale Street, Swanston Street, Spencer Street & Sydney Road හරස් කර ඔවුන් විරෝධතාවයේ යෙදී සිටින අතර ට්‍රෑම් රථ ධාවනයටද බාධා එල්ල වී තිබේ.

ප්ලාස්ටික් පුටු සහ මේස මාර්ගය හරස් කර තබා මෙම විරෝධතාවය පැවැත්වීමද විශේෂත්වයකි.

https://twitter.com/JaydeVincent/status/1438651220667760641?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1438651220667760641%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2F7news.com.au%2Ftravel%2Fvictoria-traffic%2Fmelbourne-tradies-protest-covid-tearoom-ban-by-having-break-in-city-streets-including-sydney-road-and-lonsdale-c-3988471

Kew, Parkville and Richmond හිද මේ හා සමාන උද්ඝෝෂන පැවැත්වෙන බවට වාර්තා වේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළව දැඩි රෙගුලාසි පැණවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය කටයුතු කල අතර ලබන 23 වනදා සිට ඔවුන්ට එන්නත ගෙන නොමැතිව සේවයට වාර්තා කිරීමද තහනම් වනවා.

අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ඉදිකිරීම් සේවකයන්ට විවේකාගාරවල සිට ආහාරපාන ගැනීම ප්‍රාන්ත රජය විසින් තහණම් කලේය.

ඔස්ට්‍රේලියාවේ Childcare ආයතනවල අක්‍රමිකතා ගැන විමර්ශන මාලාවක්

Childcare ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන පාර්ලිමේන්තු විමර්ශනයක් පැවැත්වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලබන සතියේ ෆෙඩරල් අයවැයෙන් වෙනස් වන නිවාස නීති මෙන්න

ලබන සතියේ ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයට නිවාස මිලදී ගැනීම් සම්බන්ධයෙන් නීති රැසක් ඇතුලත් කිරීමට පාලක කම්කරු පක්ෂය තීරණය කර තිබෙනවා.

Read More »