ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ලාංකික දමිළ පවුලට මාස 03 ක bridging visa බලපත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඔවුන්ට පර්ත් නගරයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇත.
එහි කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 23 වනදායි.
ක්‍රිස්මස් දූපතෙන් පැමිණිමෙන් පසු මොවුන් පර්ත් නගරයේ සිටි අතර බාලම දැරිය වන Tharnicaa ගේ අසනීප තත්වයකට එහිදී ප්‍රතිකාර කෙරිණ.
මොවුන්ගේ ඉල්ලීම වන්නේ තමන් කලින් සිටි Biloela නගරයේම වාසය කිරීමට තමන්ට අවස්ථාව සලසන ලෙසයි.
ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ ඔස්ටේ්‍රලියාවට බෝට්ටුවලින් පළා ආ මෙම කාන්තාව සහ පිරිමි තැනැත්තා විවාහ වී තිබුණේ මෙරටදීයි.