Breaking: ලොහාන් රත්වත්තේ ඉල්ලා අස් වෙයි

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු ඒ බව දන්වා ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

මේ අතර වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රවලදී දී තමා වෙතින් සිදු වූ සිද්ධීන්ට අදාළව වගකීම භාර ගනිමින් ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයක සඳහන්.

ලොහාන් රත්වත්තේ අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒ බව දැනුම් දුන් අතර ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගනු ලැබූ බවද ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියා.

කොළඹ බන්ධනාගාර මූලස්ථානයට පසුගිය 06 වනදා මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුලුවී ඇති ලොහාන් රත්වත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුලු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලා.

ඔහු සිය ගිනි අවිය ද රැගෙන මිතුරන් කිහිපදෙනකු සමග අනුරාධපුර බන්ධනාගාරයේ එල්ටීටීඊ සැකකරුවන් රඳවා ඇති සිරමැදිරිය අසලට ගොස් එහි සිටි රැඳවියන් කිහිප දෙනෙකු සිරමැදිරියෙන් එළියට ගෙන ඇති බවටද වාර්තා පළවී තිබුණා.

සිය මිතුරන්ට එල්ලූම් ගස පෙන්වීමට අවශ්‍ය බව පවසමිනුයි ඉකුත් 06 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹ බන්ධනාගාර මූලස්ථානයට ඇතුලුවී ඇති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කලේ.

මේ අතර අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් සිරකරුවන් ඝාතනය කරන බවට තර්ජනය කර ඇතැයි ද වාර්තා පළවුනා.

මෙම නින්දිත හා නීති විරෝධීව සිදුවීම් මත ඔහු වහා ධුරයෙන් ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා.

එම සිදුවීම තරයේ හෙළා දකින බවයි නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ.

මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් මෙරට පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කලා.

එමෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයද ඉල්ලා සිටියේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ වහා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටයි.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »