ලැව් ගිනි – ගංවතුර ආධාරවලින් $ 14,700 ක් වංචා කල වික්ටෝරියා කතකට චෝදනා 09 ක්

ලැව් ගිනි සහ ගංවතුර සඳහා ලබා දෙන ආධාරවලින් ඩොලර් 14,700 ක් වංචනිකව ලබාගත් වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි කාන්තාවකට චෝදනා 09 ක් ගොණු කර තිබේ.

Traralgon හි පදිංචි 30 හැවිරිදි මෙම තැනැත්තිය Bushfire Relief Fund සහ Gippsland Flood Relief Payment Scheme හරහා මෙම මුදල් ලබාගෙන ඇතත් ඇය එම ප්‍රදානයන් ලැබීමට සුදුසුකම් ලබා නොමැති තැනැත්තියක බව සඳහන්.

ජනවාරි – ජූනි – ජූලි යන මාසවලදී විවිධ නම් භාවිත කර සැකකාරිය මෙලෙස මුදල් වංචා කර ඇත.

ඇය ඇප මත මුදා හැර ඇති අතර ලබන වසරේ මාර්තු 09 වනදා නැවතත් Latrobe Valley Magistrates’ Court හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

Pic – Today

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »