
ඔලිම්පික් පදක්කම්ලාභී, හිටපු සුපිරි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.
අසනීප තත්වයක් හේතුවෙන් ඇය කළ PCR පරීක්ෂණයකින් පසුව මෙසේ ඇයට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
වාර්තාවන පරිදි ඇගේ දරුවන් දෙදෙනාටද කොරෝනා වැළඳී තිබෙන අතර ප්‍රතිකාර සඳහා තමා ඉක්මණින්ම යොමුවන බවයි සුසන්තිකා පවසා ඇත්තේ.

වසර 2000 සිඞ්නි ඔලිම්පික් උළෙලේදී මීටර 200 (කාන්තා) ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගනිමින් ලොව පුරා අවධානය දිනාගත් මේ වනවිට 47 හැවිරිදි වියේ පසුවන සුසන්තිකාට පසුව රිදී පදක්කම ප්‍රදානය කෙරුණා.