රට අරින්න මොරිසන් රජය මුල් පියවර තබයි – Arrival කාඩ් එකටත් වෙනසක්

ජාත්‍යන්තර සංචාරකයන් සඳහා දේශ සීමා විවෘත කිරීමේ මූලික අධියරක් ලෙස ඔස්ටේ්‍රලියාව විසින් ඩිජිටල් ගුවන් මගී කාඩ්පතක් හඳුන්වාදී තිබෙනවා.

මේ අනුව කිසියම් රටකට පැමිණීමෙන් පසු ගුවන් මගීන් විසින් මේ දක්වා ආගමන විගමන බළධාරීන් වෙත ඉදිරිපත් කල යුතුව තිබූ කඩදාසි ලියවිල්ල වෙනුවට ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් භාවිතයට ගැනීමට නියමිතයි.

සිය ජංගම දුරකථනය හෝ පරිඝණකය යොදාගනිමින් එය සම්පූර්ණ කල හැකි වීම විශේෂත්වයක්.

ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews පැවසුවේ එන්නත්කරණයට අදාළ තොරතුරු ඇතුලු සියලු දත්ත මීට අන්තර්ගත බැවින් Arrival කාඩ්පත සහ එන්නත්කරණ ලියවිල්ල යන ලේඛණ දෙකම තනි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලක් තුළ අන්තර්ගත කිරීම මෙහිදී සිදුවන බවයි.

ඉදිරියේදී වීසා – ජාතික හැඳුනුම්පත – රියදුරු බලපත්‍ර වැනි සියලුම ලේඛණද තනි ඉලෙක්ට්‍රොනික ලියවිල්ලකට ඇතුළත් කිරීමටයි ඔස්ටේ්‍රලියානු රජය සැලසුම් කර ඇත්තේ.

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »