විදේශගතව සිට මව්බිමට පැමිණෙන ඔබටත්, අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සීමා පැනවෙනවා ද ?

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සිමා කිරීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලැබූ නව රෙගුලාසි හේතුවෙන් විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රමිකයින්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

විදෙස්ගතව සේවය කරනු ලබන ශ්‍රමිකයින් මෙරටට පැමිණීමේදී ඔවුන් රැගෙන එනු ලබන භාණ්ඩ සඳහා රජය විසින් බදු පනවා ඇති බව දක්වමින් විදේශගතව සිටින ලාංකිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආනයන-අපනයන පාලක මණ්ඩලය විසින් මෙරට තිබෙන ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ සිමා කිරීම් සිදුකිරීම පසුගිය වසරේ මාර්තු මාසයේ සිට සිදුකරනු ලැබුවා. පළමුව මෙරටට වාහන ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බංකුව පියවර ගත්තා. ඒ මෙරටට අවශ්‍ය ප්‍රමාණයට වාහන තිබෙනවා කියා කරුණු තහවුරු කර ගැනීමෙන් පසුවයි.

ඒ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සීමා කිරීම සඳහා පසුගිය සතියේදී නව ක්‍රියා මාර්ග ගනු ලැබුවා.

නමුත් මෙම ක්‍රියා මාර්ග නිසා විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් රැගෙන එනු ලබන භාණ්ඩ සඳහා බදු පැනවීමක් හෝ සිමාකිරීමක් සිදුකර නැහැ. සාමාන්‍යයෙන් වසරකට අධික කාලයක් විදේශ ගතව සිට පැමිණෙන පුද්ගලයෙකුට අමෙරිකානු ඩොලර් 1000ක්, මාස 03 සිට වසරක කාලයක් සඳහා විදේශ ගතව සිට එන පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 500ක් සහ මාස 03කට අඩු කාලයක් විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ට අමෙරිකානු ඩොලර් 125ක තීරු බදු සහනයක් ලබාදීලා තිබෙනවා.

මේ තීරුබදු සහනය පනවා ඇති සීමාව තුල භාණ්ඩ රැගෙන එනු ලබන අයට ගුවන් තොටුපොළේදී කිසිදු බදු පැනවීමක් සිදුවන්නේ නැහැ. 

තවත් එක් කරුණක් ගැන අප පැහැදලිව කියන්න අවශ්‍ය වෙනවා. ඒ තමයි විදේශ ගතව සිට එන ශ්‍රමිකයින්ගේ මේ තීරු බදු සහනය වංචා කරන්න බලන් ඉන්න කූඨ ව්‍යාපාරිකයින් පිරිසක් ද ඉන්නවා. ඔවුන් තමයි මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන්නේ. නමුත් විදේශගතව සිට ගෘහ සේවිකාවන් වැඩි පිරිසක් මෙවැනි කූඨ ව්‍යාපාරිකයින්ගේ නියෝජිතයින්ට හසුවෙනවා. එවැනි අය රැගෙන එන භාණ්ඩ හඳුනා ගන්න අපට හැකියාව තිබෙනවා. එහෙම රැගෙන එන භාණ්ඩ සඳහා අපට සිදුවෙනවා සාමාන්‍ය බදු ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන්න.” රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂක සුදත්ත සිල්වා ප්‍රකාශ කර සිටියා.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »