NSW – ACT ප්‍රාන්තවල 12 ට වැඩි ළමුන්ට එන්නත දෙන හැටි ගැන විශේෂ දැනුම්දීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW – ACT ප්‍රාන්තවල 12 ට වැඩි ළමුන්ට එන්නත දෙන හැටි ගැන විශේෂ දැනුම්දීමක්

NSW – ACT ප්‍රාන්තවල 12 ට වැඩි ළමුන්ට එන්නත දෙන හැටි ගැන විශේෂ දැනුම්දීමක්

අද පටන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ත් 15 ත් අතරේ පසුවන දරුවන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් Pfizer  එන්නත ලබාගත හැකි අතර ලබන සතියේ සිට Moderna එන්නත ඔසුසැල්වල ඖෂධවේදීන්ගෙන් ලබාගත හැකිය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,257 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොරෝනා මරණ 7 ක් ද වාර්තා වේ.

Greenacre, Auburn, Yagoona, Liverpool, Punchbowl, Guildford, Redfern, Bankstown, Condell Park and Busby යන උප නගරවලින් ආසාදිතයින් බහුතරයක් හමුවී ඇති බව සඳහන්.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී තිබේ.

සැප්තැම්බර් 20 වනදා සිට වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට Pfizer එන්නත ලබාගැනීම සඳහා ACT රජයේ එන්නත් සායනවලින් වේලාවක් වෙන් කරවාගත හැකිය.