
වික්ටෝරියා ප්‍රාන්තයේ රෝහල්ගත කොවිඩ් ආසාධිතයන් අතුරින් සියයට 89 ක් මේ දක්වා කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අය බව වාර්තා වේ.
එමෙන්ම සියයට 11 ක් ලබාගෙන ඇත්තේ එක් මාත්‍රාවක් පමණි.
එනම් මාත්‍රා දෙකම ලබාගැනීමෙන් පසු රෝහල්ගතවීමේ අවධානම සැළකිය යුතු මට්ටමකින් අඩුවන බව පැහැදිලි වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 450 ක් හමුව ඇත.
මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,793 කි.

ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,765 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,148 ක් ලබා දී තිබේ.