මෙල්බර්න් Broadmeadows Central Woolworths හිදී පසුගිය ජූලි 15 වනදා තරුණයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියේ අවසන් සැකකාර තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
16 හැවිරිදි තරුණයෙකුට පහිරදීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
මොහුට එරෙහිව චෝදනා ගොණු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් 10 දෙනෙකුගෙන් පමණ ප්රකාශ සටහන් කරගෙන තිබිණ.
ඉන් 05 දෙනෙකුට චෝදනා ගොණු කර අවසන් කර ඇත.
පහර කෑ තරුණයා සති 02 ක් පමණ රෝහල්ගතව ප්රතිකාර ලැබීය.