
ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා විවෘත කෙරුණද ගුවන් සේවා කර්මාන්තය අඩාලවීමේ අවධානමක් උද්ගතවී තිබෙනවා.
කොවිඩ් වසංගතයත් සමග ගුවන් ගමන් අත්හිටුවීම හමුවේ දහස් සංඛ්‍යාත පිරිසක් එම ක්ෂේත්‍රය අත්හැර වෙනත් කර්මාන්තවල රැකියා සඳහා යොමුවී සිටීමයි ඊට හේතුව වන්නේ.
මේ අනුව ඉදිරියේදී ගුවන් ගමන් කර්මාන්තය තුළ දැඩි රැකියා හිගයක් නිර්මාණය වනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.

එමෙන්ම දේශ සීමා විවෘත කිරීමත් සමග ගුවන් වාර අවලංගු කිරීම්වල ඉහළ යාමක් දක්නට ලැබෙනු ඇති බවටද ප්‍රවාහන සේවක සංගම් අනතුරු අගවා සිටිනවා.
දැනට ඔස්ටේ්‍රලියාව පුරා ground workers 4000 ක් පමණ සිටින අතර සතිපතා රජයෙන් පිරිනමන කොවිඩ් සහන මුදල වන $750 ඔවුන්ට හිමිවන්නේද නැහැ.
