වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ සිසුන්ට Pfizer එන්නත ලබාදීම ආරම්භ කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන් හට කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කෙරේ.

ඒ අනුව ප්‍රාන්තයේ 12 වසරේ සිසුන්ට, ගුරුවරුන්ට සහ විභාග පරීක්ෂකවරුන්ට මෙන්ම ඇගයුම්කරුවන්ට Pfizer එන්නත ලබාගැනීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අවස්ථාව දී තිබේ.

ඔවුන්ගේ පාසල් අවසාන විභාගය ආරම්භ වීමට පෙර ඔවුන්ට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ 12 වසරේ පාසල් සිසුන් හට කොවිඩ් එන්නත් ලබාගැනීම උදෙසා දින 10 ක ප්‍රමුඛතා කාලයක් ලබා දී ඇත.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 246 ක් හමුවී තිබේ.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට සිටින සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,786 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »