නිවු සවුත් වේල්ස් Hunter Valley ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි 03 හැවිරිදි පිරිමි දරුවා වන Anthony “AJ” Elfalak සෙවීමෙ මෙහෙයුම්වල නිරතවී සිටි සියල්ලන්ට වහා කොවිඩ් පරීක්ෂණ සිදුකර ගන්නා ලෙස දැනුම්දී තිබේ.
ආරක්ෂක අංශ – ස්වේච්ඡා සේවකයන් ඇතුලු සියල්ලන්ට එය බල පැවැත්වෙනු ඇති.
මීට හේතුව වී ඇත්තේ සිය ගණනක් වන එම පිරිස අතුරින් එක් අයෙකුට කොවිඩ් වැළඳී ඇතැයි හෙළි කර ගැනීමයි.
මේ පිළිබඳ තවත් තොරතුරු තහවුරු කරගැනීමෙන් පසු කොවිඩ් අවධානම් නිවේදනයක් නිකුත් කරන බව නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ පැවසීය.
දින 04 ක් අතුරුදන්ව සිටි Anthony “AJ” Elfalak ඊයේ හමුවූයේ නිවසේ සිට මීටර් 500 ක පමණ දුරින් පිහිටි ළඳු කැලෑ ප්‍රදේශයකදීයි.
එය පැහැර ගැනීමක් නොවන බව මේ වනවිට තහුවරු වී තිබේ.
Credit: DEAN LEWINS/AAPIMAGE