ටෝකියෝ පැරලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන් කොඩිතුවක්කු ඇතුලු ශ්‍රී ලංකා කණ්ඩායම අද පැමිණෙනවා.
පස්වරු 05.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගාවන පදක්කම්ලාභීන් දෙදෙනා එහි විශේෂ ප්‍රභූ පර්යන්තයේ දී රතු පලස එළා පිළිගැනීමටයි ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු යොදා ඇත්තේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ද යොමු කිරීමට නියමිතයි.
දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් හා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවකටද සහභාගී වනු ඇති.
පිළිගැනීමේ උත්සවය අවසානයේ ඔවුන් නිරෝධායන කටයුතු සඳහා තරු පංතියේ හෝටලයක් වෙත රැගෙනයාමටද නියමිතව තිබෙනවා.
රන් පදක්කම දිනා ගත් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටි පහක් ද, ලෝකඩ පදක්කම්ලාභි සමිත දුලාන්ට රුපියල් කෝටි දෙකක්ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් අනුමත කර තිබෙනවා.
ඊට අමතරව දිනේෂ් ප්‍රියන්තට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් කෝටියක මුදලක්ද ලබාදීමට නියමිතයි.