දින 04 ක් පුරා අතුරුදන්ව සිටි 03 හැවිරිදි දරුවා නිරුපද්‍රිතව හමුවෙයි

දින 04 ක් පුරා අතුරුදන්ව සිටි නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 03 හැවිරිදි දරුවා වන Anthony “AJ” Elfalak හමුවී තිබේ.

නිරුපද්‍රිතව ඔහු සොයාගත් බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේය.

නිවසේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි ළඳු කැලෑ ප්‍රදේශයකදී දරුවා හමුවී තිබේ.

https://twitter.com/nswpolice/status/1434694320011894785?s=20

Autism රෝගයෙන් පෙළෙන Anthony Elfalak සිය සහෝදරයාද සමග සෙල්ලම් කරමින් සිටියදී පැහැර ගැනීමට ලක්වූයේ සිකුරාදා දහවල් කාලයේයි.

Autism රෝගී තත්වයෙන් පෙළෙන ඔහුට කථා බහ කිරීමටද නොහැකි බවයි දෙමව්පියන් පවසන්නේ.

Anthony “AJ” Elfalak ගේ මව පැවසුවේ සිය දරුවා පැහැරගෙන ගොස් තිබූ බවට සැක කෙරෙන බවයි.

අතුරුදන්ව සිටි 03 හැවිරිදි දරුවා සෙවීමේ මෙහෙයුමේදී සුදු පැහැති Ute එකක් ඇතුලු තවත් සැකකටයුතු ද්‍රව්‍ය කිහිපයක් හමුවිය.

මේ වනවිට Anthony “AJ” Elfalak වෛද්‍ය පරීක්ෂණ වෙත යොමු කර ඇත.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »