Breaking: ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

Breaking: ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

Breaking: ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් වෛරසය වැළඳී සුවය ලබා නැවතත් කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 68 වන වියෙහි පසුවුණා.

මීට සති කිහිපයකට ඉහතදී කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා නිවසට පැමිණ තිබුණේ දින කිහිපයකට පෙරයි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී නැවතත් නිව්මෝනියා තත්වය උත්සන්නවීමත් සමග කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

ගායකයෙකු ලෙස පමණක් නොව කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක දක්ෂ සහ ජනප්‍රිය චරිතයක් ලෙසයි සුනිල් පෙරේරා මහතා සැළකුණේ.

එමෙන්ම සමාජය තුළ සිදුවන ඇතැම් අසාධාරණකම් පිළිබඳ සිය නිර්මාණ හරහා ප්‍රබල මහජන මතයක් ගොඩ නැගීමටද සුනිල් පෙරේරා මහතා සමත්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පසුකාලීනව බිහිවූ බොහෝ සංගීත කණ්ඩායම් සඳහා පරමාදර්ශී නායකත්වය සැපයීමටද සුනිල් පෙරේරා මහතාගේ නායකත්වය යටතේ ජිප්සීස් කණ්ඩායමට හැකියාව ලැබුණා.