Breaking – ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා ජීවිත ගමනින් සමු ගනී..

ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අසාධ්‍ය වී රෝහල් ගත කර තිබු අතර මීට සුළු මොහොතකට පෙර ඔහු මිය ගොස් ඇති බවට වාර්තා විය​.
ඔහුට නිව්මෝනියා රෝගය වැළඳී තිබූ බවට සඳහන්.
මින් පෙර ඔහු කොරෝනා රෝගය වැළදි සුවය ලැබුවා.
මිය යන විට ඔහු 68 වන වියෙහි පසුවුණා.

මීට සති කිහිපයකට ඉහතදී කොවිඩ් වැළඳී දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලැබූ ඔහු සුවය ලබා නිවසට පැමිණ තිබුණේ දින කිහිපයකට පෙරයි.

කෙසේවෙතත් ඊයේ දිනයේදී නැවතත් නිව්මෝනියා තත්වය උත්සන්නවීමත් සමග කොළඹ පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා.

ගායකයෙකු ලෙස පමණක් නොව කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක දක්ෂ සහ ජනප්‍රිය චරිතයක් ලෙසයි සුනිල් පෙරේරා මහතා සැළකුණේ.

එමෙන්ම සමාජය තුළ සිදුවන ඇතැම් අසාධාරණකම් පිළිබඳ සිය නිර්මාණ හරහා ප්‍රබල මහජන මතයක් ගොඩ නැගීමටද සුනිල් පෙරේරා මහතා සමත්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පසුකාලීනව බිහිවූ බොහෝ සංගීත කණ්ඩායම් සඳහා පරමාදර්ශී නායකත්වය සැපයීමටද සුනිල් පෙරේරා මහතාගේ නායකත්වය යටතේ ජිප්සීස් කණ්ඩායමට හැකියාව ලැබුණා.

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »