මහා බි්‍රතාන්‍යය සමග ඇති කරගත් එකගතාවයට අනුව ලැබුණු ෆයිසර් එන්නත් මාත්‍රා 460,000 කට ආසන්න ප්‍රමාණයක් ඊයේ රාත්‍රියේ ඔස්ටේරලියාවට ළගාවිය.
ගුවන් යානා 02 කින් සිඩ්නි නගරයට එම මාත්‍රා පැමිණ තිබිණ.
අගමැති ස්කොට් මොරිසන් පසුගියදා නිවේදනය කලේ ෆයිසර් මාත්‍රා ලක්ෂ 40 ක් රටට ලැබීමට නියමිත බවයි.
මෙලෙස බ්‍රිතාන්‍යයෙන් ලබා ගන්නා ෆයිසර් මාත්‍රා වෙනුවට වසර අවසානය වනවිට නැවතත් ඔවුනට ඔස්ටේ්‍රලියාවෙන් එන්නත් මාත්‍රා සමාන ප්‍රමාණයක්ද දීමට නියමිතය.
ඊයේ ලැබුණු එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.