කොරෝනා නසන්න පොළොං විෂ ???

බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයෝ පෙන්වා දෙති.

බ්‍රසීල විද්‍යාඥයන් ඔවුන්ගේ මෙම පර්යේෂණ සඳහා යොදා ගෙනඇත්තේ ‘jararacussu’ නමැති වැලි පොළොං විශේෂයයි.

බ්‍රසීලයට ආවෙණික විශාලතම පොළොං විශේෂය මෙයයි.

පොළොං විසෙහි ඇති විශේෂිත අණුවක් වෙන් කර ගනිමින්, ඒවා වඳුරන්ගේ සෛල තුළ වැඩෙන්න සලස්වා ඇති අතර, ඒවාට කොරෝනා වයිරසයේ ප්‍රෝටීන, අඩපණ කිරීමට හැකි යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

මෙම පර්යේෂණයට දායක වී ඇත්තේ සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෆායෙල් ගුයිඩෝ ඇතුළු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමය.

‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් සතුන්ගේ විෂ යොදා ගනිමින් එය අඩපණ කිරීමේ ක්‍රමයක් සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය පර්යේෂකයකු ලෙස ගුයිඩෝ සැලකෙයි.

සොයා ගත් නව ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත්, ඉදිරියේ දී පොළොං විෂ යොදා ගනිමින් කොරෝනා අඩපණ කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත්, ගුයිඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

(NDTV)

Source : https://www.ndtv.com/world-news/brazilian-viper-venom-may-become-tool-in-fight-against-coronavirus-study-2525601

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »