නත්තල් වනවිට ප්‍රාන්ත සීමා විවෘත කරන්නේද නැතිද – තීන්දුව ප්‍රාන්ත අගමැතිවරුන්ට

නත්තල් සමය වනවිට ප්‍රාන්ත සීමා විවෘත කරන්නේද නැතිද යන තීන්දුව ප්‍රාන්ත අගමැතිවරුන්ට පැවරෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

පසුගියදා අගමැතිවරයා කියාසිටියේ දෙසැම්බර් වනවිට සියලු ප්‍රාන්ත සීමා විවෘත කල යුතු බවයි.

එහෙත් එම කාලය වනවිට ඇතැම් ප්‍රාන්තවලට සියයට 70-80 ක එන්නත්කණ ඉලක්කය ජය ගත නොහැකි බවටයි දැනට අනාවැකි පළවන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිවරුන් අතරද පවතින්නේ දැඩි මතභේදාත්මක තත්වයක්.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan ද එහිදී සිටින්නේ දැඩි ස්ථාවරයකයි.

ඒ අනුව අගමැති මොරිසන් සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති අතර ප්‍රාන්ත අගමැතිවරුන්ට තීරණයක් ගන්නැයි දන්වා තිබේ.

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

Read More »