ලාංකිකයන්ට අද සිට ඩුබායි – අබුඩාබි – ශාජා යන්න නැවතත් අවස්ථාව

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන් අද සිට වීසා බලපත් නිකුත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තීරණය කර තිබෙනවා.

රට තුළ කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස පහළ යාමත් ලබන මාසයේදී පැවැත්වෙන අපනයන වෙළඳ ප්‍රදර්ශනයත් ඊට ප්‍රධාන ලෙස හේතුවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මේ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් වන ඇස්ට්‍රා-සෙනෙකා / ජොන්සන් ඇන්ඩ් ජොන්සන් / මොඩර්නා / ෆයිසර් / සයිනොෆාම් හෝ සයිනොවැක් යන එන්නත් මගින් පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට ඩුබායි – අබුඩාබි – ෂාජා ඇතුලු එමීර් වීසා සඳහා අයදුම්කල හැකි වනවා.

මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සංචාරක තහනම් පණවන ලද ශ්‍රී ලංකාව ඇතුලු ඕනෑම රටකට එය අදාළ වනු ඇති.

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »