Search

වනිඳුට – චමීරට IPL යන්න අවසර

අයි පී එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීර ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුමැතිය දී තිබෙනවා.

තාක්ෂණික උපදේශක කමිටුව සමගද සාකච්ඡා කිරීමෙන් පසු එම අවසරය ලබාදී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මේ අනුව ලබන 15 වනදා සිට ආරම්භ වන අයි පී එල් තරගාවලියට ක්‍රීඩා කිරිමට වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීර ට අවස්ථාව උදාවනවා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුවයි.

ඔවුන් නැවතත් ඔක්තෝබර් 10 වනදායින් පසු ශ්‍රී ලංකා සංචිතය සමග එක්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කලේ.

බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පසුගියදා නිවේදනය කලේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර සමග කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කල බවයි.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »