බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරේ

බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කෙරේ

බටහිර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ නිපදවන ලද පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ.

Binar-1 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රිකාව අමෙරිකාවේ ෆ්ලොරිඩා හි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මුදා හැරුණි.

එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දක්වා ගෙන යාමට නියමිතය.

මෙම චන්ද්‍රිකාවද රැගත් රොකට්ටුව අන්තර්ජාලය ඔස්සේ දැකබලා ගැනීම සඳහා පර්ත් Yagan චතුරශ්‍රය වෙත විශාල පිරිසක් එක් රොක්ව සිටියහ.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධානී මහාචාර්ය Phil Bland පැවසුවේ ඉදිරියේදීත් මෙවැනිම තවත් චන්ද්‍රිකා අත්හදා බැලීමට කටයුතු කරන බවයි.

එමෙන්ම 2025 වසර වනවිට චන්ද්‍රයා වෙත අභ්‍යවකාශ යානයක් යැවීමටද මෙම විද්‍යාඥයන් සූදානමින් සිටී.

 

Pic : ABC News: Kenith Png