Search

VIDEO : ඉරාජ්ට පහරදී ඇති බව පේෂල හෙලිකරයි

තම දීර්ඝකාලීන මිතුරා වන ප්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්නට පහරදීමක් සිදුව ඇති බව සංගීත ශිල්පී පේෂල මනෝජ් සඳහන් කරයි.

ඉරාජ්ට පහරදීමක් සිදුකර ඇත්තේ අන් කිසිවකු නොව මෙරට තරුණ පරපුර විසින් බවද පේෂල මනෝජ් කියා සිටියි.

එසේ නොමැතිව දේශපාලඥයෙකු වෙනත් කිසිවකු විසින් ඉරාජ් වීරරත්නට පහර දිමක් හෝ ගුටි කෑමට ඉරාජ් වීරරත්න සූදානම් නැති බව තමන් පෞද්ගලිකව දන්නා බවද ඔහු පවසයි.

තම YouTube ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ පවසා ඇත.

අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බවත් ඔහුගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යෝෂිත රාජපක්ෂ සඳහන් කර තිබේ.

ජාතික තරුණ සේවා තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉරාජ් වීරරත්න පසුගිය දා ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ලිඛිතව දැනුවත් කර තිබේ.

මානසික ගැටළු ඇති දරුවන්ට ඔස්ට්‍රේලියානු විද්‍යාඥවරියකගෙන් Video Game එකක්

ඔස්ට්‍රේලියානු මනෝ විද්‍යාඥවරියක දරුවන් තුළ පවතින සාංකාව සහ මානසික සෞඛ්‍ය ගැටළු සදහා උපකාරී කරගත හැකි වීඩියෝ ක්‍රීඩාවක් (Video Game) නිර්මාණය කර තිබෙනවා.

Read More »