ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවත් පහළට

ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ඒජන්සිය වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poors) ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණයේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට සෘණ (negative) මට්ටම දක්වා පහත හෙළා තිබේ.

මීට හේතුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉතාමත් පහළ මට්ටමට වැටී තිබීමයි.

මීට අමතරව ඉදිරි මාස 12 තුළ ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක මූල්‍ය වාතාවරණයක් ඇතිවිය හැකි බවට ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poors) ආයතනය අවධාරණය කරයි.

ඔවුන් පුරෝකතනය කරන්නේ, ශ්‍රී ලංකාවේ අනාගත ණය ගෙවිමේ හැකියාවට මෙය බලපෑමක් විය හැකි බවය.

වාණිජ බැංකු කිහිපයක් සිකුරාදා (27) ප්‍රකාශ කළ විනිමය අනුපාත අනුව US ඩොලරයක් අලෙවි කෙරුණේ රුපියල් 222 ටයි.

මහ බැංකුව සහ රාජ්‍ය බැංකු ඩොලරය අලෙවි කළේ, රුපියල් 203 ක අගයකටයි.

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින විදේශ විනිමය හිඟය මීට හේතුව බව විශේෂඥයින් පෙන්වා දෙති.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »