NSW කොවිඩ් දැඩි අවධානම් ප්‍රදේශවල සේවයට මෙතෙක් දී තිබූ අවසරයක් ඉවතට

කොවිඩ් දැඩි අවධානම් ප්‍රදේශවල සේවය කිරීම සඳහා මෙතෙක් ලබා දී තිබූ අවසරයක් ඉවත් කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

මේ අනුව මේ දක්වා පැවති රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා සඳහා අවසර නොදෙන අතර ඒ වෙනුවට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබීම අනිවාර්යයි.

අවසරලත් වයස අවුරුදු 16 ට අඩු අයට එම අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම අදාළ නොවේ.

සැප්තැම්බර් 06 වනදා සිට මෙම නව නීතිය බලාත්මක වනු ඇත.

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන්ට Pfizer එන්නත ලබාගත හැකි බවට ප්‍රතිශක්තීකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම සිදුකළ නිර්දේශය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊයේ අවසර දුන්නේය.

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට අවදානමක් ?

ඇමරිකා එක්සත් ජනපදයේ කිරි ගවයින් තුළ දක්නට ලැබෙන කුරුළු උණ ඔස්ට්‍රේලියාවේ පශු කර්මාන්තයට බලපෑමේ අවදානමක් ඇති විය හැකි බවට කනස්සල්ලක් මතුවී තිබෙනවා.

Read More »