Search

වයස 12 සිට සියලු දරුවන්ට ෆයිසර් එන්නත – ඔස්ටේ්‍රලියා එන්නත් උපදේශක මණ්ඩල අනුමැතිය

PFIZER

වයස අවුරුදු 12 සිට සියලු දරුවන්ටද ෆයිසර් එන්නත ලබාදීමට ඔස්ටේ්‍රලියා එන්නත් උපදේශක මණ්ඩලය අනුමැතිය දී තිබේ.

මේ අනුව දැනට සිදුකරන වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයන්ට පමණක් එන්නත් ලබාදීම 12 ට වැඩි ඕනෑම අයෙකු ලෙස සංශෝධනය කෙරෙනු ඇති.

එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සියලු ප්‍රාන්ත අගමැතිවරුන් සහ අගමැති ස්කොට් මොරිසන් අතර හමුවක් අද පැවැත්වෙනවා.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ සිටින වයස අවුරුදු 12 – 15 අතර ළමුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 කට ආසන්නයි.

මේ අනුව ඔවුන් සඳහා වෙන් කිරීමට යෝජිත මාත්‍රා සංඛ්‍යාව ලක්ෂ 24 කි.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අනුමතව පවතී.

 

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

ව්‍යාජ දන්ත වෛද්‍යවරයෙක් පිලිබඳව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පාලන ආයතනය වන Australian Health Practitioner විසින් අනතුරු අඟවා තිබෙනවා.

Read More »